කොළඹ සිට බෙලිඅත්ත බලා ධාවනයවු ගාලු කුමාරි දුම්රියේ පැමිණි පුද්ගලයෙකු අද සවස ගාල්ල දුම්රිිය ස්ථානයේදි දුම්රියෙන් ඇදවැටි දුම්රියට හසුවිමෙන් පාද දෙකම වෙන්වි ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ අනතුරට පත්ව ඇත්තේ මිරිස්ස උඩුපිල පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.
දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසුවේ දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයට ලඟාවිමත් සමග මගින්ගේ තෙරපිමත් සමග පාපුවරුවේ පැමිණ ඇති ඔහු දුම්රියෙන් ඇදවැටි ඇති බවය.
දුම්රිය නතර කිරිමත් සමග එහි සිටි පිරිස ඔහු දුම්රිය වේදිකාවට ගෙන ඇතත් ඒ වනවිට ඔහුගේ පාද දෙකම සම්පුර්ණයෙන්ම වෙන්වි තිබින.පසුව 1990 ගිලන් රියකින් ඔහු කරාපිටිය රෝහල වෙත ගෙනයන ලදී.