Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මයික්‍රෝ ප්ලාස්ටික් ගැබිණි මව්වරුන්ගේ දරු ගැබ තුළට ඇතුළුවීමේ අවදානමක්! පිළිකා ඇතිවීමේ ප්‍රවණතාවයත් ඉහළට!

2 years ago 2.2 K

මයික්‍රෝ ප්ලාස්ටික් හෙවත් ශුද්‍ර ප්ලාස්ටික් ගර්භණී මව්වරුන්ගේ ශ්වසන මාර්ගය ඔස්සේ දරු ගැබට ඇතුළුවන බවත්, එය භයානක තත්ත්වයක් බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ, ව්‍යුහ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සජිත් එදිරිසිංහ පවසයි.

මයික්‍රෝ ප්ලාස්ටික් හෙවත් ශුද්‍ර ප්ලාස්ටික් ඒ.ටී.එම්. කාඩ් පතක ප්‍රමාණයක් නැතහොත් ග්‍රෑම් පහක් සෑම අයෙකුම සතියකට ආහාර ගන්නා බව ආචාර්ය සජිත් එදිරිසිංහ පවසයි.

මයික්‍රෝ ප්ලාස්ටික් ශරීරගත වූ පසුව පෙණහලු පිළිකා, වකුගඩුවේ පිළිකා, පියයුරු පිළිකා සේම විවිධ රෝග තත්ත්වයන් ඇතිවන බව පර්යේෂණ මගින් අනාවරණය කරගෙන තිබේ.

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය එක්ව සකස් කරන ලද “වස විස විමසුම“ සඟරාවේ පළමු කලාපය එළි දැක්වීම සඳහා විද්‍යාභිවර්ධන සංගම් ශාලාවේදී ඊයේ (10) පැවැති වැඩසටහනේදී ආචාර්ය සජිත් එදිරිසිංහ මේ බව කියා සිටියේය.

ගර්භිණී මීයන් යොදාගෙන පර්‌යේෂණයකදී එම මීයන්ට මයික්‍රෝ ප්ලාස්ටික් හුස්ම ගැනීමට ලබාදී තිබේ. එම ගර්භිණී මීයාගේ කලලය පරීක්ෂා කිරීමෙන් පසුව අනාවරණය වී ඇත්තේ වැදෑමහ හරහා ප්ලාස්ටික් ගමන් කරන බවය.

“මවගේ හුස්ම හරහා පැමිණ මවගේ රුධිරය හරහා වැදෑමහ හරහා බබාට එකතු වෙනවා. මේ කටයුත්තම මිනිසාගේ සිරුරේත් සිදු වෙනවා. මෙය ඉතා භයානක තත්ත්වයක්. ප්ලාස්ටික් කියන වචනය අහලාවත් දැකලාවත් නැති ළමයි ඉපදෙන්නේ ප්ලාස්ටික් සමගයි. “යැයි ආචාර්ය සජිත් එදිරිසිංහ කියන්නේය.

ලෝකයේ පැවැත්ම සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ මී මැස්සන්, බඹරුන් හරහාය. මී පැණිවලද ප්ලාස්ටික් අඩංගු බව තහවුරුවී තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *