ශ්‍රී ලංකා නිදහස් නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 11 දෙනෙකු මෙවර පක්ෂයේ මැයි දින සැමරුම් වර්ජනය කරන බවට වාර්තා පළවෙයි.
එවැනි පසුබිමක නිදහස් පක්ෂ මැයි දින සැමරුම් වර්ජනය කරන බවට පළ වන එම වාර්තා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කරයි.
එහෙත් දැනටමත් පක්ෂයේ මතයට පිටින් ක්‍රියා කරන මන්ත්‍රීවරුන් නව දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සදහන් කරයි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 14කි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහනුවරදී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් එළඹෙන මැයි දිනය පැවැත්වීමට සංවිධානය කර ඇති බවද මන්ත්‍රී දයාසිරි ජයසේකර තවදුරටත් සදහන් කරයි.