Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බීලා වාහන එළෙව්වොත් සෙල්ලම් නෑ! පනවන දඩය මෙන්න!

5 months ago 5.5 K

අවුරුදු සමයේ මත්පැන් හා මත්ද්‍රව්‍ය පානය කර රථවාහන ධාවනය කරන රියැදුරන් ඇල්ලීමේ විශේෂ මෙහෙයුම මේ වනවිට අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා ඊයේ පැවසීය.

මෙම මෙහෙයුම සඳහා රථ වාහන හැසිරවීමේ නිලධාරීන් විශාල පිරිසක් දිවයින පුරා ප්‍රධාන නගර ආශ්‍රිතව යොදවා ඇතැයි ද හෙතෙම කීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේද පැවසීය.
අවුරුදු දවස්වල ඇතැමුන් මත්පැන්, මත්ද්‍රව්‍ය පානය කරලා වාහන එලවන බව නිරීක්ෂණය වෙලා තියෙනවා. මේ නිසා දැන් ඉඳලම රථවාහන පොලිස් නිලධාරීන් ප්‍රධාන නගරවල යොදවා තියෙනවා. බීලා අහුවුණොත් දඩය රුපියල් 25,000 යි. ඒ නිසා මේ දවස්වල මත්පැන් බීලා වාහන එලවන්න එපා කියලා රියැදුරන්ගෙන් විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *