Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අද දිස්ත්‍රික්ක රැසකට අවදානම් උණුසුම් තත්ත්වයක්

2 years ago 7.3 K

බස්නාහිර, දකුණ, නැගෙනහිර, උතුරු මැද පළාත් මෙන්ම කුරුණෑගල, කිලිනොච්චි, වව්නියාව , සහ මුලතිව් දිස්ත්‍රිකවල ඇතැම් ස්ථානවලට අධික උණුසුම පිළිබඳ නිකුත් කළ අවවාදාත්මක නිවේදනය තවදුරටත් බලාත්මක වෙයි. 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එම පළාත්වල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බවයි.

අදාළ කාලසීමාව තුළ උෂ්ණත්වයට නිරාවරණය වී ක්‍රියාකාරකම්වල නිරත වීම හේතුවෙන් විජලනය වැනි තත්ත්වයන් ඇති විය හැකි ය. 

එළිමහනේ සිටින විට ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසත් හැකි සෑම විටම සෙවන ඇති ස්ථානවල රැඳී සිටින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. 

කුඩා ළමුන්, වැඩිහිටි සහ රෝගී පුද්ගලයින්, ඒ පිළිබඳ වැඩි වශයෙන් අවදානය යොමු කළ යුතුයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *