Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයෙන් ජනතාව දැඩිව අවධානය යොමු කළ යුතු කාරණාවක් පිළිබඳව දැනුම්දීමක්

5 months ago 2.9 K

බෝ නොවන රෝගී තත්ත්වයන්ගෙන් හැකි තාක් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කළේ දෛනිකව මිනිස් ශරීරයට අවශ්‍ය කැලරි ප්‍රමාණය ඉක්මවන ආහාර වර්ග ලබා ගැනීම බෝ නොවන රෝගී තත්ත්වයන්ට ප්‍රධාන හේතුවක් බවයි.

විශේෂයෙන්ම උත්සව සමයේ මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසටයි සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ.

ඒ අනුව ශරීරයට දැනෙන පරිදි පිළිවෙලකට දෛනිකව ව්‍යායාම සිදු කිරීම අනවශ්‍ය කැලරි දහනය කිරීමට අවශ්‍ය ප්‍රධානම කරුණක් වනවා.

වැඩිහිටියෙක් නම් දිනකට පැය භාගයක් හෝ ව්‍යායාම සිදු කිරීම කළ යුතු බවයි විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා වැඩි දුරටත් සඳහන් කළේ.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *