Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජපාන අගමැතිට දුම් බෝම්බ ප්‍රහාරයක්

5 months ago 775

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩාට දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබේ.

වකයාමා ප්‍රාන්තයේ සයිකසාකි ධීවර වරායේ දී අද (15) එල්ලවූ මෙම ප්‍රහාරයෙන් අග්‍රාමාත්‍යවරයාට කිසිදු හානියක් වී නොමැති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

වරායේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව දේශනයක් පැවැත්වීමට සූදානමින් සිටින අතරතුර මෙම දුම්බෝම්බ ප්‍රහාරය එල්ලවී තිබේ. 

සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු විස්සත් තිහත් අතර පුද්ගලයෙකු ජපාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *