Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අවුරුද්දට බිරිද සහ දරුවන් බලන්න ගිය පියාගේ රු.80,000ක් උස්සයි! පියා එල්ලී මිය යයි!

5 months ago 4.4 K

සිංහල අලුත් අවුරුද්දට බිරිඳ සහ දරුවන් බැලිමට යමින් සිටියදී සාක්කුවේ තිබූ රුපියල් 80,000 ක මුදලක් ගැට කපන්නකු සොරා ගැනීමෙන් සිත්තැවුලට පත්ව සිටි තිදරු පියකුගේ මළ සිරුර කුඹුක් ගසක එල්ලෙමින් තිබියදී අද සොයා ගත් බව නවගමුව පොලිසිය කියයි.

සිද්ධියෙන් මියගොස් තිබුණේ බදුරලිය පිල්ලවලකඩ , ගඟ ළඟ පදිංචිව සිටි කලුආරච්චිගේ සරච්චන්ද්‍ර 58 තිදරු පියෙකි.

නවගමුව පහළ බෝමිරිය ප්‍රදේශයේ ගල් මෝලක රැකියාව කරන මියගිය පුද්ගලයා ගල් මෝලේ හිමිකරු වැටුප් වශයෙන් ලබා දුන් රුපියල් 35,000 සහ එකතු කරගත් මුදල් සමග රුපියල් 80000 මුදලක් රැගෙන සිංහල අවුරුද්දේ බිරිඳ සහ දරු තිදෙනා සමග භුක්ති විඳීම සඳහා සිය ගම් ප්‍රදේශයේ වන බදුරලිය ප්‍රදේශය කරා උදේම පිටත් ව ගොස් තිබූ බව පොලිසිය කියයි.

මුදල් හැඳ සිටි කමිසයේ උඩ සාක්කුවේ දමාගෙන තිබී ඇති අතර ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී ඔහුගේ මුදල් නොමැති බවට දැක කලබල වී සොයා බැලුවත් ප්‍රතිඵලයක් නොවූයෙන් නිවස කරා නොගොස් ජ නැවතත් ගල් මෝල වෙත පැමිණ තිබූ බව පොලිසිය කියයි.

මියගිය පුද්ගලයා ඊයේ රාත්‍රී ගල් මෝල ආසන්නයේ සුපුරුදු බොඩිම් කාමරයෙහි ගත කර ඇති අතර අද අළුයම මිතුරකු පැමිණ ඔහු පිළිබඳ සොයා බැලීමේදී බෝඩිම් කාමරය තුළ නොවීමෙන් සිදුකළ සෝදිසි යෙදී කුඹුක් ගසක ඔහුගේ සිරුර එල්ලෙමින් තිබී ඇතැයි පොලිසිය කියයි.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *