බාහාලුම් ප්‍රවාහන ගාස්තු සඳහා නිශ්චිත මිලක් නියම කරමින් මීට වසර හයකට පෙර නිකුත් කර තිබූ ගැසට් පත්‍රය අවලංගු කිරීමත් සමග අඩි 20කින් සමන්විත බහාලුමක ප්‍රවාහන ගාස්තුව රුපියල් අසූදහසකින් පමණ ඉහළ ගොස් තිබේ.
නැව් සමාගම් අත්තෝනෝමතිකව අයකරනු ලබන ගාස්තුවලින් ආනයන සහ අපනයනකරුවන් ආරක්ෂා කිරීම සඳහා එවකට වරාය නාවික ඇමැතිවරයාව සිටි මහින්ද සමරසිංහ 2017 ඔක්තෝම්බර් 17 වැනිදා භාණ්ඩ පැටවීම, ගොඩබෑම, ගුදම් ආදී සියලුම ගාස්තු සඳහා නිශ්චිත ගණන් ප්‍රකාශයට පත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කෙරිණි.
එහෙත් එම ගැසට් පත්‍රය පසුගිය මාර්තු 23 වැනිදා අවලංගු කිරීමට වත්මන් විෂයභාර ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පියවර ගැනුණු අතර ඒ හේතුවෙන් නැව් ප්‍රවාහන ගාස්තුවලට අමතරව බහාලුම් ගාස්තු ද එම සමාගම්වලට හිතුමතේ අය කර ගැනීමේ තත්ත්වයක් උද්ගත විය හැකි බව ආනයනකරුවෝ පවසති.
මෙම ගැසට් පත්‍රය අවලංගු කිරීම නිසා අදාළ සියලුම ගාස්තු ආනයනකරු විසින් දැරීමට සිදුවන අතර අවසානයේ එම මිල පාරිභෝගිකයා මත පැටවීමට අවස්ථවා උදාවේ.
මෙම තත්ත්වය හේතුවෙන් එදිනෙදා පරිභෝජනය කරනු ලබන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වන සීනි, පරිප්පු, සහල් වැනි භාණ්ඩවලට තදින්ම බලපානු ඇත.
ආනයනකරුවන් හා පාරිභෝගිකයන් ආරක්ෂා කළ මෙම ගැසට් පත්‍රයේ ඇති වැදග්තකම සම්බන්ධයෙන් අවබෝධයක් නොමැතිව අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා නොකර අවලංගු කිරීමෙන් ගැටලු රැසක් මතුවන බව සීනි ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති පී.එම්. අබේසේකර පැවැසීය.