Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකාවේදී දින 15ක තාවකාලික පැවිද්දක් ලබා ගැනීමට ඔබටත් අවස්ථාවක්

12 months ago 5.2 K

සියම් දේශයෙන් ශ්‍රී ලංකාවට උපසම්පදාව රැගෙන විත් වසර 270 ක් සම්පූර්ණ වීම සහ තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර තානාපති සම්බන්ධතා ආරම්භ වී වසර 70 ක් සපිරිම නිමිත්තෙන් සහ එළඹෙන 2023 වසරේ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගේ බුද්ධාලම්බන ප්‍රීතිය වඩවාලීම සදහා මෙ මස 28 දින සිට මැයි මස 13 දින දක්වා දින 15 ක කාලයක් සඳහා තාවකාලිකව පැවිදිභාවය ලබා දීමේ වැඩසටහනක් කටුනායක,ඇවරිවත්ත,ශ්‍රී ශෛලබිම්බාරාම පුරාණ විහාරථානයේ දී පැවැත්වීමට අවශ්‍ය කටයුතු යොදා තිබේ.

මෙම වැඩසටහන සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක,රාජකීය පණ්ඩිත දෙබත්ගම සෝමරතනාභිධාන උපාධ්‍යාය මහනාහිමියන්ගේ මූලිකත්වයෙන් පැවැත්වීමට සූදානම් කර තිබේ.

මෙම වැඩසටහන සදහා තායිලන්තය ඇතුළු විදේශීය භික්ෂූන් වහන්සේගේ පිරිසක් ද සහභාගී වීමට නියමිතය.

මෙම තාවකාලික පැවිදිභාවය ලැබීමේ වැඩසටහනට සමගාමිව පිණ්ඩපාත චාරිකා,භාවනා වැඩසටහන්,ධර්ම දේශනා සහ පිරිත් සූත්‍ර දේශනා පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.

මෙම වැඩසටහන සඳහා වයස් භේද,කුළ භේද වලින් තොරව ශ්‍රී ලාංකික ජනතාවට සහභාගී වීමට අවකාශය ඇති අතර මේ වනවිටත් තාවකාලික පැවිදිභාවය ලබා ගැනීම සදහා 200ක අධික පිරිසක් ලියාපදිංචි වී ඇති අතර,තවදුරටත් මේ සදහා අවස්ථාව ඇති බව සංවිධායක හිමියෝ ප්‍රකාශ කළහ.

මෙම වැඩසටහන අවිස්සාවේල්ලේ වග ශ්‍රී වජිරවංශතිස්ස ස්ථවිරයන් වහන්සේ විසින් සංවිධානය කරනු ලබන අතර,මේ පිළිබඳව වැඩිදුර විස්තර මෙම මස 18 දිනට පෙර 0776262256 හෝ 072 – 5554246 මෙම දුරකථන ඔස්සේ ඇමතීමෙන් ලබා ගත හැකිය.(gossiplanka)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *