මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය රිය අනතුරකට ලක්ව තිබෙනවා.
අද (16) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.
රාජ්‍ය අමාත්‍යවරයා ගමන් කරමින් සිටි රිය කරවනැල්ල මාර්ගයේ දී ලිස්සා ගොස් ඉවතට පැන අසල තිබූ තාප්පයක ගැටී තිබෙනවා.
අමාත්‍යවරයාට සුළු තුවාල සිදු වී ඇති අතර, ඔහුව මේ වනවිට කරවැනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත් වාර්තා වනවා.
නමුත් අමාත්‍යවරයාගේ තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.
අමාත්‍යවරයාගේ ආරක්ෂක නිළධාරියාද අනතුරින් තුවාල ලබා තිබෙනවා.