රිලව් ලක්ෂයක් චීනයට ගෙන යාමේදී ඉන් වැඩි කොටසක් කෑගල්ල ප්‍රදේශයෙන් අල්ලා ගන්නා ලෙස එහි ගොවි සංවිධාන නියෝජිතයන් ඉල්ලා සිටිති.
ජනගහනය ලක්ෂ අටක් පමණ පිරිසක් සිටින එම දිස්ත්‍රික්කයේ රිලව් පමණක් ලක්ෂයට වැඩියෙන් සිටින බව මෑතකදී කරන ලද සමීක්ෂණයකදී හෙළි වී ඇත.
මෙම සංඛ්‍යා ලේඛන මෑතකදී කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දීද හෙළිදරව් කර ඇත.
මෙම රිලා රංචු කෑගල්ලේ පොල් වගාව, කෙසෙල් වගාව ඇතුළු පලතුරු වගාවට විශාල වශයෙන් හානි සිදුකරමින් සිටිති.
දිස්ත්‍රික්කයේ රිලවු රංචු ප්‍රමාණය වැඩිවීම නිසා රංචුවල ලෙස සිටින රිලවුන්ද වැඩි නිසා ආහාර හිගය මත නිවාස වලට පැන බත් මුට්ටි පවා රැගෙන යන බවත් සම්බන්ධීකරණ කමිටුවේ දී අනාවරණය විය.
මේ අතර රිළවුන් ඇල්ලීම සඳහා දුරස්ථ පාලකයකයින් ක්‍රියාත්මත කළ හැකි විශේෂ කූඩු වර්ගයක් හඳුන්වා දීමට ද සැළසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
එම කූඩු භාවිත කිරීම සඳහා රිළවුන් අල්ලනු ලබන පුද්ගලයින්ට විශේෂ පුහුණුවක් ලබාදීමට ද නියමිතයි.