Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නිවේදක නිවේදිකාවන්ගේ රැකියා අනතුරක හෙළමින් ඉන්දියාවත් ප්‍රවෘත්ති කියන්න රූමත් AI නිවේදිකාවන් යොදා ගැනීම අරඹයි

2 years ago 3 K

ඉන්දියාවේ ජාතික මාධ්‍ය කණ්ඩායමක් විසින් ප්‍රථම වරට පූර්ණ කාලීන කෘතීම බුද්ධිය (artifial intelligence) සහිත ප්‍රවෘත්ති නිවේදිකාවන් එළිදක්වා තිබෙනවා.

දැනට ‘සානා’ නම් AI ප්‍රවෘත්ති නිවේදිකාවක් බහු භාෂාවලින් දිනකට කිහිප වතාවක් පුවත් යාවත්කාලීන කිරීම් ඉදිරිපත් කරනු ලබනවා.

එය India Today සමූහයේ Aaj Tak ප්‍රවෘත්ති නාලිකාවේ ප්‍රදර්ශනය කෙරෙනවා.

එහිදී ‘සනා’ සිය දේශීය භාෂාමය කුසලතා පෙන්වීමට පෙර දෝෂ රහිත ඉංග්‍රීසියෙන් පැවසුවේ, “රැකියාව සඳහා ඇගයීමට ලක් වූ සිය ගණනක් අපේක්ෂකයින් අතරින් Aaj Tak AI හි ආරම්භක ප්‍රවෘත්ති නිවේදිකාව ලෙස තේරීමට ලැබීම සම්බන්ධයෙන් මම ඉතා වාසනාවන්තයි” ‍යනුවෙන්.

මේ පිළිබඳ අදහස් දක්වන ප්‍රවීණයන් පවසා සිටින්නේ, AI ඉදිරිපත් කරන්නන් ඉක්මනින්ම ඉන්දියාවේ ප්‍රචාරක සේවයේ යෙදිය හැකි බවයි.

මෑත කාලීන ජාත්‍යන්තර සමීක්ෂණයකට අනුව ඉන්දියාව විශාල අන්තර්ජාල අන්තර්ගත ප්‍රමාණයක් පරිභෝජනය කරන අතර මිනිසුන් කෘතිම බුද්ධිය කෙරෙහි ගැඹුරු විශ්වාසයක් තබා ඇති බවයි හෙළි වී ඇත්තේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *