ඉන්දු – ශ්‍රි ලංකා බෝට්ටු ප්‍රවාහන සේවය මැයි මස 15වනදා ආරම්භ කිරීම සදහා මේ වනවිට දෙරට සැලසුම් සකස් කරමින් සිටින බවට වාර්තා වෙනවා.
ඉන්දියාවට යාමට සඳහා පැය 04ක කාලයක් ගත වන අතර මෙම ෆෙරි බෝට්ටු සේවය සදහා අයකරන මුදල ඩොලර් 100ක් වන අතර එය ශ්‍රි ලංකා මුදලින් රු.35,000ක් පමණ වෙනවා.
කිලෝ 100ක baggages රැගෙන යා හැකි අතර ෆෙරී එකක පුද්ගලයන් 120කට ගමන් කිරීමට හැකි බව සඳහන්.
ඊ විසා පහසුකම් ලබා ගැනීම සදහා ඉල්ලුම් කර ඉන්දියාවේ ඕනෑම තැනක ගමන් කිරිමේ හැකියාව පවතිනවා.
මේ සේවය මගින් ඉන්දු ශ්‍රී ලංකා වෙළෙඳ ගනුදෙනු වල ඉතාමත් ඉහල වර්ධනයක් අපේක්ෂා කරන අතර ගුවන් මගින් ගමන් කිරීමේදී වැයවෙන අති විශාල මුදලක් අඩු කර ගැනීමට යාපනය හා උතුරු පලාතේ වෙසෙන ජනතාවට හැකි වෙනවා.