ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වැනි වගන්තිය ප්‍රකාරව ඔහුට පැවරී ඇති බලතල යටතේ සේවා කිහිපයක් අත්‍යවශ්‍ය මහජන සේවා ලෙස නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මේ සම්බන්ධ ගැසට් නිවේදනය 2023 අප්‍රේල් 17 වැනි දින සිට ක්‍රියාත්මකයි.
ඒ අනුව, විදුලිය සැපයීම, ඛනිජ තෙල් නිෂ්පාදන සහ ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම, තැපැල් සේවය, සහ නඩත්තු සම්බන්ධව අවශ්‍ය හෝ කිරීමට අවශ්‍ය ඕනෑම විස්තරයක්, සහ රෝහල්, සාත්තු නිවාස, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් පිළිගැනීම, රැකවරණය පෝෂණය සහ ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අදාල ගැසට් නිවේදනය පහතින්.
