කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක් දුම්රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වී පොලීසිය පවසයි.
ඔහු ඊයේ (17) උදෑසන බම්බලපිටිය දුම්රිය ස්ථානයේදී මරදාන සිට මොරටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටී තිබුණි.
24 හැවිර්දී එම විශ්වවිද්‍යාල සිසුවා කළුතර උතුර පදිංචිකරුවෙකි.
මේ අතර යාපනය, චුන්නාකම් දුම්රිය ස්ථානයේදී ඊයේ (17) උදෑසන දුම්රියට යටවීමෙන් 80 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබුණි.
පොලීසිය පැවසුවේ එම පුද්ගලයා දුම්රිය නැවැත්වීමට පෙර ඉන් බැසීමට උත්සාහ කළ විට එම දුම්රියටම යටවී ඇති බවය.