හෙට්ටිපොල, මූණමල්දෙණිය – කටුපොත මාර්ගයේ අංගමුව ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (18) එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
කටුපොත දෙස සිට මූණමල්දෙණිය දෙසට ධාවනය වූ ලංගම බස් රථයකින් පාසල නිමවී පැමිණි සිසුවෙකු බසයෙන් බැස පාර මාරුවීමට යාමේදී කටුපොත දෙසට ධාවනය වූ කුඩා ලොරි රථයක සිසුවා ගැටී එම අනතුර සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුවා කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
මියගිය සිසුවා 11 හැවිරිදි වලව්වත්ත, අනුක්කන්හේන ප්‍රදේශයේ පදිංචි 06 වැනි වසරේ ඉගනුම ලබන සිසුවෙකි.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට්ටිපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.