Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

භාණ්ඩ රැසක ආනයන සීමා ඉවත් කිරීමේ සූදානමක්

2.8 K

තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ඉදිරියේදී ලිහිල් කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රේගුවේ අපේක්ෂිත ආදායම් ඉලක්කය සපුරා ගැනීම සඳහා එය ද පිටිවහලක් වනු ඇති බවය.

රේගුවේ ආදායම් ඉලක්ක පිළිබඳ සමාලෝචන රැස්වීමකින් අනතුරුව මාධ්‍ය හමුවේ අද (18) අදහස් දක්වමින් ඔහු ඒ බව පැවසීය.

රේගුව වෙත පළමු මාස 03 සඳහා ලබාදී ඇති ආදායම් ඉලක්කය රුපියල් බිලියන 270කි.

නමුත් එම කාලය තුළ ලැබී ඇති ආදායම අපේක්ෂිත ආදායමට වඩා 12%ක අඩුවක් පෙන්නුම් කර තිබේ.

2021 වසරේ දී භාණ්ඩ 485ක් ද 2022 වසරේදී භාණ්ඩ 750ක් සඳහා ආනයන සීමා පැනවූ බවය.

ඒ අනුව නුදුරේදීම අදාළ සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බවත් මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව ලබාදෙන නිර්දේශ මත අදාළ තීරණ ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *