Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් වාහනවල ඉන්ධන ටැංකි පුපුරා යනවාද ?

1 year ago 4.1 K

උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් වාහන සම්පූර්ණ ටැංකි ධාරිතාවට පුරවා ඇත්නම් පිපිරීම් අවදානමක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරයන් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් Lanka Indian Oil Company (LIOC) නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෝටර් රථ නිෂ්පාදකයින් සිය වාහන සැලසුම් කරන්නේ කාර්ය සාධන අවශ්‍යතා, හිමිකම් සහ සංසරණ තත්ත්‍වයන්, ගොඩනඟන ලද ආරක්‍ෂිත සාධක ඇතුළුව බවයි එම නිවේදනයෙන් දක්වා ඇත්තේ.

ශීත ඍතුව හෝ ගිම්හානය කුමක් වුවත්, නිෂ්පාදකයා විසින් නියම කර ඇති සම්පූර්ණ සීමාව දක්වා වාහනවල ඉන්ධන පිරවීම සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බව LIOC මහජනතාවට සහතික කරනවා.

වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් ඉන්ධන ටැංකිය පිපිරීමක් සිදුවිය හැකි බැවින් උපරිම සීමාවට තම වාහනවලට පෙට්‍රල් පුරවා නොගන්නා ලෙසට සමාජ මාධ්‍ය ජාලාවල පැතිර ගිය පණිවිඩය අසත්‍ය බවයි ඔවුන් මෙම නිවේදනය මඟින් දක්වන්නේ.

කෙසේ නමුත් දිනකට එක් වරක් ඉන්ධන ටැංකිය විවෘත කර ඇතුළත ගොඩගැසී ඇති වායුව පිටතට පැමිණීමට ඉඩ සලසා දෙන ලෙසද ඔවුන් එම නිවේදනය මගින් ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *