Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පැයකට වරක් ඔබ පානය කළ යුතු අවම ජල ප්‍රමාණය පිළිබඳව සෞඛ්‍ය අංශ වෙතින් උපදෙස්! මුත්‍රාවල පැහැය පිළිබඳවත් අවධානය යොමු කරන්න!

5.7 K

අධික උෂ්ණත්වය සහ වැසි රහිත කාලගුණය ජූනි මාසයේ ආරම්භය වන තෙක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අතර දේශීය සෞඛ්‍ය වෛද්‍යවරු මෙම උෂ්නාධික කාලයේ ජනතාව ජීවත් විය යුතු ආකාරය පිළිබඳව උපදෙස් ජනතාව හට උපදෙස් ලබා දී තිබෙනවා.

මේ දිනවල සැළකිමත් විය යුතු ප්‍රධාන කරුණු කිහිපයක් පවතින බවයි ඔවුන් පවසන්නේ.

ඔවුන් පවසන්නේ සෑම පැය භාගයකට වරක්  මිලි ලීටර් 200 – 250 ත් අතර ජල ප්‍රමාණයක් පානය කළ යුතු බවයි. එමෙන්ම දිනකදී පානය කරන අවම ජල ප්‍රමාණය ලීටර් තුනත් හතරත් අතර විය යුතු බවද ඔවුන් සඳහන් කරනවා.

දේශීය වෛද්‍යවරුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ ජනතාව ශරීරයේ විජලනයක් ඇති වී තිබේද යන කාරණාව සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතු බවයි. එය මුත්‍රාවල පැහැය නිරීක්ෂයෙන් දැන ගත හැකි බව ඔවුන් සඳහන් කරනවා.

මුත්‍රා වල පැහැය අනුව එය තද පාටකට හුරු නම් ඔබ විජලනයට පත්වෙලා හෝ විජලනයට පත් වීමට ආසන්න බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *