Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉතිහාසයේ පළමුවරට ලොව ප්‍රධානම ක්‍රිප්ට්‍රෝ හුවමාරුවට ලංකාවේ අධිකරණයෙන් නියෝගයක්! ‍රුපියල් කෝටි ගණනක් තැන්පත් කර ඇති ගිණුම් කිහිපයක් වහා අත් හිටුවන ලෙස දැනුම් දෙයි!

1 year ago 4.9 K

“ඔන්මැක්ස් ඩීටී” සමාගමේ මුදල් තැම්පත් කර ඇති ඇමරිකාවේ පිහිටි මූල්‍ය සමාගමක ගිණුම් 08ක් මාස 06කට වහාම අත්හිටුවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ(19) නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

ඒ ඇමරිකාවේ “බයිනෑන්ස් ඩොට්කොම්” මූල්‍ය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වෙතයි.

මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ඇමරිකාවේ මූල්‍ය ආයතනයකට මෙරට අධිකරණයකින් නියෝගයක් නිකුත් කළ පළමු අවස්ථාව මෙය බවයි.

මෙම අත්හිටුවීම සඳහා නියෝග කළ ගිණුම් අතර මෙරට පිහිටි “ඔන්මැක්ස් ඩීටී” පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් සිදු දෙනෙකුගේ ගිණුම් ද වන අතර, එම පුද්ගලයින් සිවු දෙනා ඇතුළු එම සමාගමේ අධ්‍යක්ෂවරුන් හය දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරමින් ද නියෝගයක් අධිකරණයෙන් නිකුත් කොට තිබුණා.

මෙම “ඔන්මැක්ස් ඩීටී” සමාගමේ ගිණුම් දෙකක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකුගේ ප්‍රකාශ සටහන් කර ගත් බව අධිකරණයට පැවසූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී කළ ඉල්ලීමක් සලකා බලා එම පුද්ගලයින් දෙදෙනාගේ ජංගම දුරකථන සහ පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදයට ඉදිරිපත් කිරීමට ද නියෝග කරනු ලැබුවා.

‘ඔන්මැක්ස් ඩීටී’ සමාගම මෙරට ගනුදෙනු සඳහා යොදාගත් ලංකාවේ බැංකු පහක ද අදාල මූල්‍ය ආයතනය නමින් තිබූ ගිණුම් 57ක් ද අත්හිටුවීම සඳහා ද නියෝගයක් නිකුත් කර තිබුණේ පසුගිය 28 වැනි දායි.

“ඔන්මැක්ස් ඩීටී” පුද්ගලික සමාගම නීති විරෝධී අන්දමින් පිරමීඩාකාර ගනුදෙනුවල යෙදවූයේ යැයි සඳහන් මුදල ඇමරිකානු ඩොලර් කෝටි 10කට අධික මුදලක් බවත් සඳහන්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *