Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සුසිල්ට අධ්‍යාපන ඇමතිකම එපා වෙයි

4.6 K

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සාකච්ඡා බොහෝමයක් මඟහරිද්දී තවත් අතිරේක ලේකම්වරියක් තමා නොසලකා හැර කකුලෙන් අදින පිළිවෙතක් අනුගමනය කරමින් සිටින්නේ යැයි අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ජාතික පුවත්පතකට සඳහන් කළා.

අමාත්‍යාංශ ලේකම්වරයා කලාතුරකින් සහභාගි වන සාකච්ඡාවකදී පවා වචනයක් කතා නොකර බිම බලාගෙන සිටින්නේ යැයිද ඇමැතිවරයා කියා සිටියා.

අධ්‍යාපන ලේකම්ගේ සහ එක් අතිරේක ලේකම් කෙනකුගේ සහායක් නැතිව මාස අටක් තිස්සේ අධ්‍යාපන අමාත්‍යාංශය විවිධ දුෂ්කරතා මධ්‍යයේ ඇදගෙන යද්දී දරුවන්ගේ විභාග පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම වර්ජනය කර අනවශ්‍ය ප්‍රශ්නයක් නිර්මාණය කර විශ්වවිද්‍යාල ආචාර්යවරු දරුවන්ගේ අනාගතය අඳුරු කිරීමේ උත්සාහයක යෙදී සිටිනවා යැයි අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවා.

2025 වසරේ සිට සියලුම රජයේ පාසල්වල පළමුවන වාරය ජනවාරි මාසයේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබියදී, උසස් පෙළ දරුවන්ගේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කර ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද කිරීමට කටයුතු කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි යැයි ඇමැතිවරයා පැවැසුවා.

අතිරේක ලේකම්වරිය දීර්ඝ කාලයක් තිස්සේ අමාත්‍යාංශයේ හිඳිමින් ඇමැතිවරයා නොසලකා හරිමින් කටයුතු කරන බැවින්, එම අතිරේක ලේකම් අමාත්‍යාංශයෙන් ඉවත් කළ යුතුව ඇතැයිද එම අතිරේක ලේකම්වරියට වහාම ස්ථාන මාරුවක් දිය යුතු යැයිද අවධාරණය කළා.

අපි එකතුවෙලා ජනාධිපතිතුමා පත්කරගෙන කටයුතු කරද්දී නිලධාරීන් මේ අන්දමින් ක්‍රියා කිරීමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ කටයුතුවලට විවිධ බාධා ඇති කෙරෙන තත්ත්වයක් පවතින බවද ඔහු අවධාරණය කර සිටියා.

ගුරු වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ ඉල්ලීම් සෑහෙන දුරට ලබාදී අධ්‍යාපන අමාත්‍යාංශය අපේක්ෂිත ඉලක්ක කරා ගමන් කරමින් සිටින බව සඳහන් කළ ඇමැතිවරයා, ඇමැතිකම් නැතිව සිටි තමාට, නිලධාරීන්ගේ සහාය නොමැතිව මාස 8ක් තිස්සේ අමාත්‍යාංශය ඇදගෙන යෑමට සිදුවූ බවද සඳහන් කළා.

කාට හරි මේ අමාත්‍යාංශය භාරගැනීමට අවශ්‍ය නම්, භාරගැනීමට බාධාවක් නැතැයිද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *