ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට කොටස් තුනකට බෙදී වෙන් වී ගොස් ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.
ඒ අනුව නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයාගේ කණ්ඩායම, බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාගේ කණ්ඩායම ඒ අතර ප්‍රධාන වන අතර අනෙක් කණ්ඩායම වන්නේ ජනාධිපතිවරයා සමග ගමනක් යාම සුදුසු බව පවසන කණ්ඩායමයි.
මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යේෂ්ඨයන් පිරිසක් සිදුකර ඇති සාකච්ඡාවකදී අවධානය යොමු වී ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බවටයි.
ඔහු පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ නම් ඔහු ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීම හෝ විසිඑක් වන සංශෝධනයට නැවතත් සංශෝධනයක් ගෙන ඒම හෝ සිදු කළ යුතුව තිබෙනවා.
ජාතික ලැයිස්තුවෙන් පත්ව සිටින පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු බැසිල් රාජපක්ෂ මහතාට ඉඩ ලබාදීම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවටද ඔවුන් සාකච්ඡා වී ඇත.
ඔහුව නැවත පාර්ලිමේන්තුවට රැගෙන විත් අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීම ඔවුනගේ බලාපොරොත්තුව වී තිබෙනවා.