Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හිස දෙබෑ කරගෙන ගිය උදලු ප්‍රහාරය

2 years ago 3.5 K

ගල්නෑව ප්‍රදේශයේ දී උදැල්ලකින් හිසට පහර දී 72 හැවිරිදි තිදරු පියකු ඝාතනය කර තිබෙනවා.

මියගිය පුද්ගලයා, තම බිරිඳ සමග පෙරේදා (19) සවස හේන් යායට ගොස් සිටි අවස්ථාවේ දී, එම ස්ථානයට පැමිණි බිරිඳගේ බාල සොහොයුරු මියගිය පුද්ගයාගේ හා ඔහුගේ බිරිඳගේ හිසට උදැල්ලකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බවයි වාර්තාවන්නේ.

ඝාතනයට හේතුව ඉඩම් ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින්බස් වීමක්.

ප්‍රදේශවාසීන් එක්ව පහරකෑමට ලක්වූ දෙදෙනා ගල්නෑව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙන අතර රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් පිරිමි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පවසන්නේ.

මියගිය තැනැත්තාගේ බිරිඳ වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්නෑව පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *