Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දේශබන්දු තෙන්නකෝන්, මිලාන් ජයතිලක, සනත් නිශාන්ත ඇතුළු 31 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කිරීමට නීතිපතිගෙන් උපදෙස්

2.1 K

ගාලු මුවදොර අරගලයට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 31 දෙනකු නම් කරන ලෙස නීතිපති සංජය රාජරත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.

2022 පසුගිය වසරේ මැයි 9 වැනිදා රටේ අනෙකුත් ප්‍රදේශවලට පැතිර ගිය ප්‍රචණ්ඩත්වයට ඉඩ සැලසීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ද නඩු පවරන ද ලෙසටයි නීතිපතිවරයා දැනුම් දී ඇත්තේ.

මෙලෙස චෝදනා ගොනු කර ඇති පුද්ගලයින් අතර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත හා පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලකද සිටිනවා.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, නාමල් රාජපක්ෂ සහ රෝහිත අබේගුණවර්ධන යන අයට එරෙහිව චෝදනා ගොනු නොකිරීම විශේෂත්වයක්.

මේ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මෙම චෝදනා එල්ල වන්නේ ඔහු පොලිස්පති ලෙස පත්වනු ඇතැයි ජනතාව අතර විශ්වාසයක් පවතින පසුබිමකයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *