Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කාමාතුරයාගෙන් මිදෙන්න උත්සහ කළ කාන්තාව බසයෙන් ඇද වැටී මිය යයි

5.9 K

කොළඹ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ බස් රථයකදී අතවරයකට ලක්වූ බව කියන කාන්තාවක් එම බසයෙන් ඇඳ වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මරදංකඩවල ප්‍රදේශයේ පදිංචි කොළඹ නගරයේ පෞද්ගලික ආයතනයක ආරක්ෂක නිලධාරිනියක ලෙස සේවය කළ 61 හැවිරිදි කාන්තාවක් මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය කියා සිටියේ පසුගිය 10 වනදා මෙම කාන්තාව අවිස්සාවේල්ල – කොටුව බස් රථයක ගමන් කරමින් සිටියදී බසයෙන් ඇඳ වැටී බරපතළ තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.

කෙසේ වෙතත් ඇය පසුගිය 18 වනදා මෙලෙස මියගොස් තිබුණා.

බස් රථයේ රියදුරු කොන්දොස්තර ඇතුළු කිහිපදෙනෙක් ලබාගත් ප්‍රකාශ අනුව ඇය බසයෙන් ඇඳ වැටී මියගිය බවට මුලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

ඇය මෙලෙස බසයෙන් ඇඳ වැටී ඇත්තේ බීමතින් බසයට නැගී පුද්ගලයෙක් සිදුකළ ලිංගික අතවරයෙන් මිදීමට උත්සහා දැරූ අවස්ථාවේදී බවයි.

හෝමාගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *