Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පහළොස් හැවිරිදි අයියාගේ සහයට මැරතන් දිවූ දස හැවිරිදි මල්ලී ඇඳ වැටී මරුට

2 years ago 2.7 K

අවුරුදු උත්සවයක ගම හරහා දිවීමේ තරඟයක තරඟකරුවන්ගේ සහය සඳහා දිව යමින් සිටි කුඩා දරුවෙකු මියයාමේ සිදුවීමක් ඊයේ (22) උදෑසන කාලයේ අනුරාධපුර ගල්කිරියාගමින් වාර්තාවී තිබේ.

ගල්කිරියාගම පොලිස් වසමේ පලාගල, කුඩාහෙට්ටාව ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයක මැරතන් ධාවන තරඟයක තරඟකරුවන්ගේ සහයට මාර්ගයේ දිවයමින් සිටි කුඩා දරුවෙකු ඇදවැටී රෝහල් ගත කර තිබුණි.

පලාගල කුඩා හෙටිටියාව ගම්මානයේ පොදු ක්‍රිඩාංගනයේදී මෙම අවුරුදු උත්සවය පවත්වා තිබිණි. ඊට සමගාමීව පැවැති විවෘත මැරතන් තරගය සදහා එක්ව සිටි පහළොස් හැවිරිදි තම සහෝදරයාගේ සහය සදහා එක්ව සිටි දස හැවිරිදි බාල සහෝදරයකු මෙලෙස මිය ගොස් ඇති බව පොලිසිය කියයි.

මෙම දරුවා මාර්ගයේ බිම ඇද වැටීමෙන් පසු කඩිනමින් කලාවැව ග්‍රාමීය රෝහල වෙත ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර රෝහල වෙත රැගෙන යමින් සිටියදි කැකිරාව ප්‍රදේශයේදී මියගොස් ඇත.

මියගිය දරුවා වයස අවුරුදු 10 ක් වන කුඩාහෙට්ටියාව, පලාගල ප්‍රදේශයේ පදිංචිව සිට ඇත.

මෙම දරුවා සිය සහෝදරයා සහ හිතවතුන් මෙම අවුරුදු උත්සවයේ ගම හරහා දිවීමේ තරඟයට සහභාගී වෙමින් සිටි බැවින් එම තරඟකරුවන්ට සහය දැක්වීමට තරඟකරුවන් සමඟ මාර්ගයේ දිවගොස් ඇති බවට සිදුකළ විමර්ශනයේදි අනාවරණය වී ඇත. මෙලෙස මියගොස් ඇත්තේ කුඩා හෙට්ටියාවල පලාගල ගුණතිලකගේ දණුක ලක්ෂාන් නමැති වයස අවුරුදු 10 ක දරුවෙකි. ඔහු පලාගල මහා විදුහලේ පස්වන වසරේ ඉගෙනුම ලබන සිසුවකු වන බව පොලිසිය කියයි

කුඩා හෙටිටියාව ක්‍රීඩාංගනයෙන් ඇරඹි ඇති එම මැරතන් ධාවන තරඟයේදී කිලෝමිටර් 04ක පමන දුරක් තරගකරුවන්ට නිමා කිරීමට නියමිතව තිබී ඇත.

එම තරගයට එක්ව සිටි තම පහළොස් හැවරිදි සහෝදරයාගේ තරඟ සහය සඳහා මෙම දස හැවිරිදි දරුවා ද එක්ව සිට ඇති අතර තරගයේ අඩක් පමණ නිම කර තරඟකරුවන් පලාගල ප්‍රදේශයට ලගාවත්ම තරගකරුවන් අතරේ ගමන් කරමින් සිටි මෙම දස හැවිරිදි දරුවා හදිසියේ ඇදවැටී ති⁣බේ.

වහා ක්‍රියාත්මකව ඇති ප්‍රදේශවාසීන් විසින් එම දරුවා කලාවැව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කිරීමට කටයුතු කර තිබිණ. ඒ සමගම අසාධ්‍ය තත්වයේ පසුවූ එම දරුවා වැඩිදුර හදිසි ප්‍රතිකාර සදහා කැකිරාව රෝහල වෙත මාරු කර යැවීමට කලාවැව රෝහල් බලධාරීන් පියවර ගත්තේය. අසාධ්‍ය තත්වයෙන් පසුවූ එම දරුවා කැකිරාව රෝහලට ඇතුලත් කරන අවස්ථාවේ දී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මියගිය දරුවාගේ මෘත දේහය කැකිරාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. ගල්කිරියාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *