Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හය ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා විෂය නිර්දේෂයට එක්වන නව විෂයක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

3 weeks ago 18.6 K

තොරතුරු තාක්ෂණය හා කෘත්‍රීම බුද්ධිය යන විෂයන් 2024 වර්ෂයේ පාසල් අධ්‍යාපනයට එක් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව, 6-9 ශ්‍රේණි දක්වා සහ 10-13 දක්වා ශ්‍රේණිවල සිසුන්ට ඉගැන්වීම ආරම්භ කරන බවත් එහි නියමු ව්‍යාපෘතිය ජුනි මස අගදී තෝරාගත් පාසල් 20 ක ක්‍රියාත්මක කරන බවත් අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

එමෙන්ම මෙම නව විෂයන් ඉගැන්වීමට අමතරව ශිෂ්‍ය ප්‍රජාව අතර ඉංග්‍රීසි භාෂා භාවිතය වඩාත් පුළුල්ව ප්‍රචලිත කිරීම සඳහා විවිධ පියවර ගෙන ඇති බවත් ඉදිරියේදී ඒ තත්ත්වය තවදුරටත් ප්‍රවර්ධනය කරන බවත් අමාත්‍යවරයා පැවසීය. 

ඒ අනුව මේ වර්ෂයේ දී 2023 පාසල් අධ්‍යයන වර්ෂාරම්භයේදීම දීපව්‍යාප්තව පළමු ශ්‍රේණියේ සිට දරුවන්ට සෑම පාසලකම ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික ලෙස කථන භාවිතයෙන් ආරම්භ කළ බවත් සාම්ප්‍රදායික ලෙස 3 ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව විෂයක් ලෙස ඉගෙනීමේ දී සබකෝලය වැනි හේතු නිසා ඒ සඳහා පවතින උද්‍යෝගය සිසුන් අතර හීනවීමේ ප්‍රවණතාවක් පිළිබිඹු වන බවත් ඒ මහතා පැවසීය. 

මෙරට සිසුන් අතර බොහෝවිට ඉංග්‍රීසි භාෂා භාවිතය සම්බන්ධයෙන් මනා ලිඛිත හා වටහා ගැනීමේ හැකියාවක් දක්නට ලැබුණ ද ඉංග්‍රීසි බසින් යමක් අන්‍යයන්ට පහදාදීමේ දී දක්වන දුර්වල භාවය මෙම වැඩ සටහන් ක්‍රියාවට නැංවීම මගින් වළක්වා ගැනීමට අපේක්ෂිත බවද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.

තවද විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ගණිතය හා කලාව යන විෂය මූලික කරගෙන ස්ටීම් අධ්‍යාපනය ( STEAM- Science, Technology, Engineering, Arts, Mathematics) ක්‍රියාත්මක කිරීම මගින් විභාගවලට දිගු කලක් පීඩාකාරී ලෙස සූදානම් වෙමින් වෙහෙසීමට අවශ්‍ය නොවන බවත් වර්ෂාවසාන විභාගවලට වැඩි ලකුණු ප්‍රමාණයක් ගැනීමට අවශ්‍ය නොවන බවත් එදිනෙදා පන්ති කාමරය තුළ සිදු කෙරෙන ප්‍රායෝගික මොඩ්‍යුලර් ක්‍රමවේදය හරහා වැඩි ලකුණු ප්‍රමාණයක් සිසුන්ට පහසුවෙන් ලද හැකි බවත් හෙතෙම පැවසීය.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *