Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජූනි මාසයේ නව ගුරු පත්වීම් 7,800ක්! ඊළඟ අදියරේදී බඳවා ගැනීමට අපේක්ෂිත විෂයන් හා වයස් සීමාව පිළිබඳවත් දැනුම්දීමක්!

3 weeks ago 10.5 K

නව විද්‍යාපීඨ ගුරුවරුන් 7800කට ජූනි 15 දින නව පත්වීම් ලබා දෙමින් ජාතික හා පළාත් පාසල්වල ගුරු හිඟය පියවීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පේමජයන්ත මහතා සඳහන් කරනවා.

එමෙන්ම විද්‍යාව, තාක්ෂණය හා භාෂාව වැනි ගුරු හිඟය වැඩි වශයෙන් පවතින විෂය ක්ෂේත්‍රවලට අනුමැතිය ලබාගැනීමෙන් පසු විශ්ව විද්‍යාලවලින් පිට වන වයස 35ට අඩු උපාධිධාරීන් අතරින් ජාතික හා පළාත් මට්ටමින් ගුරුවරුන් බඳවාගැනීමටත් ඉදිරියේ දී පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පවසා සිටියා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගේ සහභාගීත්වයෙන් යුතු ව අද දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැති අ.පො.ස සාමාන්‍ය පෙළ ඉහළින් සමත් එහෙත් අඩු ආදායම්ලාභී ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල සිසු- සිසුවියන්ගේ උසස් පෙළ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුවය.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *