Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ආගමික විෂයන්හි විෂය නිර්දේෂ සංශෝධනය කෙරේ! දහම් පාසල් යන ළමුන්ට සාමාන්‍ය පෙළ විභාගයට ලකුණුවලින් 40%ක්!

3 weeks ago 14.5 K

සාරධර්ම සපිරි, ගුණගරුක දරු පරපුරක් ඇති කිරීමේ අපේක්ෂාවෙන් සියලු ආගම්වලට අදාළ ආගමික විෂය නිර්දේශය සංශෝධනය කර එහි අත්හදා බැලීම් ලබන වසරේදී (2024) සිදුකිරීමට බුද්ධ ශාසන ආගමික කටයුතු අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ.

මෙහිදී පාසලේ ආගමික විෂය ධාරාවට න්‍යායාත්මක කොටස ඇතුළත් කිරීමට නියමිත අතර, ප්‍රායෝගික කොටස දහම් පාසල් විෂය ධාරාවට එකතු කෙරේ. මෙහිදී දහම් පාසල් ආගමික විෂය නිර්දේශයන්ද සංශෝධනය කිරීමට නියමිතය.

අදාළ සංශෝධන ලබන 2030 වසරේ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට මුල්වරට හඳුන්වාදීමටද නියමිතය. මෙම යෝජනා ඉදිරිපත් කර ඇත්තේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක විසිනි.

මෙහිදී, සාමාන්‍ය පෙළ විභාගයේදී ආගමික විෂයට ලකුණු ලබාදීමේදී සියයට 60ක් පාසල් අධ්‍යාපනය තුළ ආවරණය කෙරෙන න්‍යායාත්මක කරුණු තුළින්ද, සියයට 40ක් දහම් පාසල් අධ්‍යාපනය තුළින් ලැබෙන ප්‍රායෝගික අධ්‍යාපනයට අදාළ කරුණු ආවරණය වන පරිදි ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට නියමිතය.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *