Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වාහන මිල දැවැන්ත ලෙස කඩා වැටෙයි! නව මිල ගණන් මෙන්න!

2 weeks ago 16.9 K

ශ්‍රී ලංකා‌වේ වාහන මිල ගණන් දැවැන්ත ලෙස කඩාවැටෙමින් පවතින බවත්, ඉදිරියේදී එය තවත් පහළ මට්ටමට යන බව වාහන අලෙවිකරුවන් පවසනවා.

මෙරට භාවිතා කරන ලද වාහන අලෙවිකරන ප්‍රධාන අලෙවිකරුවෙක් පැවසුවේ මෙවැනි දෙයක්.

“අපේ රටට වාහන ආනයනය නතර කර මේ වන විට වසර කිහිපයක්ම ගත වෙනවා. මේ වන තුරුත් ලංකාවට වාහන ආනයනය කිරීමට රජය කිසිදු පියවරක් ගෙන නෑ. එයයි සත්‍ය. ඊට හේතුව රට තුළ පවතින ආර්ථික ගැටළු සහ ඩොලරයේ ඉහළ පහළ යාම. වාහන ගෙන්වන්න ගියොත් ලංකාවේ ආර්ථිකය තවත් කඩාවැටෙයි කියලා වත්මන් ආණ්ඩුව බයයි.

එහෙම වාහන ගෙන්වුවත් ගෙන්වන්නේ ඉලෙක්ට්‍රික් වාහන විතරයි කියලත් පහුගිය දවස්වල රජය යම් යම් ප්‍රකාශ කරලා තිබුණා. මේ සියලු කාරණා පිළිබදව හරි හැටි අවබෝධයක් නොමැතිව වාහන ළග තියෙන හිමිකරුවන් හිතන්නේ තමන්ගේ වාහනේට උපරිම මිලක් නියම කරලා හොද ගාණක් අතට ගන්න, එකේ වැරැද්දක් නෑ. සල්ලි තියෙන කෙනා වාහනේ ගනීවි.

මේ අතර වාහන හිමිකරුවන් සිය මතය මුහුණුපොතේ විවිධ ගෲප් සහ පේජ් හරහා සදහන් කරන්නේ වාහන අලෙවිකරුවන් විවිධ ක්‍රම ඔස්සේ රටේ මේ වන විට පවතින වාහනවල මිල ගණන් අසාමාන්‍ය ලෙස අඩුකර ඒවා සොච්චම් මුදලකට මිලදී ගැනීමට බවයි.

වාහන අලෙවිකරුවන් තමන්ගේ වාහන අලෙවිකරණ ස්ථානයේ වාහන පුරවා ගෙන වැඩි කොමිස් මුදලක් ලබා ගැනීමට සමාජ මාධ්‍ය හරහා කටයුතු කරමින් සිටින බව වාහන හිමියන් සදහන් කරනවා.

නව මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 60යි

පෙර මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 80යි

නව මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි විසිහය ලක්ෂයයි

පෙර මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – කෝටි එකහමාර ඉක්මවයි

නව මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 51යි

පෙර මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 60 ඉක්මවයි

නව මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 45යි

පෙර මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 80 ඉක්මවයි

නව මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 40 යි

පෙර මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 60 ඉක්මවයි

නව මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 70යි

පෙර මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 85 ඉක්මවයි

නව මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2014 – ලක්ෂ 85යි

පෙර මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2014 – කෝටිය ඉක්මවයි

නව මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 37යි

පෙර මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 45 ඉක්මවයි

නව මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 24යි

පෙර මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 34 ඉක්මවයි

නව මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 30යි

පෙර මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 45 ඉක්මවයි

නව මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 21යි

පෙර මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 25 ඉක්මවයි

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *