Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කූඨ පාස්පෝර්ට් උපයෝගී කරගෙන මෙරටට පැමිණ ගුවන්තොටුපොලේදී යකා නැටූ චීනුන් රටට ඇතුළු කරගන්නා ලෙස නියෝග දුන්න ඇමති මෙන්න

2 weeks ago 1.8 K

කූඨ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගෙන ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ චීන ජාතිකයෙකු ඇතුළු ඔහුගේ චීන සහ ඊජිප්තු ජාතික මිතුරන් දෙදෙනා, කටුනායක ගුවන් තොටුපළ තුළ කළහකාරී ලෙස හැසිරෙමින් සිටි නිසා ඔවුන් පැමිණි ගුවන් සේවා යානයකින් පිටුවහල් කිරීම සදහා “රදවා තබා ගැනීමේ” කුටියක රදවා තබා සිටියදී අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ලිඛිත ඉල්ලීම මත ආගමන විගමන පාළක ජනරාල් හර්ෂ ඉලුප්පිටිය මහතා විසින් දෙන ලද උපදෙස් මත මොවුන් නිදහස් කර රට තුළට ඇතුළු කර ගැනීමට ආගමන විගමන නිලධාරීන් කටයුතු කර ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළා.

ඉකුත් 18 දින රාත්‍රී 09.50 ට මෙම චීන ජාතිකයන් දෙදෙනා සහ ඊජිප්තු ජාතිකයා ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

එසේ ගුවන් තොටුපළ වෙත පැමිණි ඔවුන් පැය දෙකකට පමණ පසුව ශ්‍රී ලංකාව තුළට ඇතුළු වීම සදහා නිශ්කාශන කටයුතු කර ගැනීමට ආගමන විගමන නිලධාරීන් හමුවට පැමිණි ඇති අතර එහිදී මෙම කණ්ඩායමේ නායක චීන ජාතිකයා අප්‍රිකාවේ “ගිනි” රාජ්‍යයේ කූඨ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කර තිබෙනවා.

මොහු ඩුබායි සිට කටුනායක දක්වා පැමිණීමට භාවිතා කර  ඇත්තේ ද එම ගුවන් ගමන් බලපත්‍රයයි.

එහෙත් කටුනායක ගුවන් තොටුපළේ දී එම ගුවන් ගමන් බලපත්‍රය එහි ජීව දත්ත පිටුව වෙනස් කර කූඨ ලෙස සකස් කළ එකක් බවට කරුණු අනාවරණය වීමෙන් පසුව මොවුන් තිදෙනා එක්ව ගුවන් තොටුපළ තුළ කළහකාරී ලෙස හැසිරීමට පටන් ගෙන තිබෙනවා.

එහිදි ආගමන විගමන නිලධාරීන්, ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සහ එමිරේට්ස් ගුවන් සේවා නිලධාරීන් එක්ව මොවුන් තිදෙනා පාලනය කර එම ගුවන් සේවා ” රැදවුම් කුටිය ” වෙත ආපසු  පිටුවහල් කිරීම සදහා යොමු කර තිබුණා.

එම අවස්ථාවේදීත් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් වෙත බලපෑම් සහගත දුරකථන ඇමතුම් කීපයක්ම ලැබී තිබූ අතර මෙම ගුවන් මගීන් අල්ලස් දීමට ද තැත් කර තිබූ බවට ආගමන විගමන නිලධාරීන් ප්‍රකාශ කර තිබුණා.

පසුව නාගරික සංවර්ධන සහ නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයා මොවුන් ආයෝජකයන් පිරිසක් බැවින් නිදහස් කරන ලෙස ඉල්ලීමක් කරමින් ආගමන විගමන පාළකවරයා වෙත ලිපියක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ආගමන විගමන පාළක ජනරාල්වරයාගේ උපදෙස් මත  කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් මෙම චීන ජාතිකයන් දෙදෙනා සහ ඊජිප්තු ජාතිකයා පසුගිය 20වනදා අලුයම 01.00 ට ශ්‍රී ලංකාව තුළට පැමිණීම සදහා නිදහස් කර තිබෙනවා.

මේ ආකාරයට ගුවන් තොටුපළ තුළ සහ එහි වැසිකිළි තුළ සැඟවෙමින් කූඨ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍ර මත ශ්‍රී ලංකාවට ආයෝජකයන් පැමිණීම පිළිබඳව ආගමන විගමන නිලධාරීන් සිය මවිතය පළ කර සිටිනවා.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *