Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලක්ෂ 800ක හොර බඩු සමග හසු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුදා හරියි! පැන වූ දඩය මෙන්න!

2 years ago 5.1 K

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රත්‍රං සහ ස්මාට් දුරකථන සමග රේගු භාරයට ගෙන සිටි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාට රුපියල් මිලියන 7.5ක දඩයක් නියම කර මුදාහැර තිබේ.

නිතීවිරෝධි ලෙස රත්‍රන් කිලෝ 3යි ග්‍රෑම් 397ක් මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් ඊයේ පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැණුනි. 

එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 74කට ආසන්න බවට ගණන් බලා ඇත.

මේ අතර මන්ත්‍රීවරයාගේ ගමන්මල්ලේ තිබී ජංගම දුරකථන තොගයක් ද සොයාගැනීමට රේගු පරීක්ෂක නිලධාරීන් සමත්ව ඇත.

එහි තිබී ස්මාට් ජංගම දුරකථන 91ක් හමුවී ඇති අතර එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 4.2ක් ලෙසට ගණන් බලා තිබේ.

මුස්ලිම් ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා ඊයේ පෙරවරු 9.45ට දිවයිනට පැමිණ තිබුණේ ඩුබායි සිට පැමිණි FZ5547 ගුවන් යානයකිනි.

අනතුරුව ඔහු ගුවන්තොටුපොළේ ප්‍රභූ පර්යන්තයෙන් මෙරටට ඇතුළුවීමට උත්සාහ දැරීමේදී රේගු නිලධාරින්ගේ පරීක්ෂාවට ලක්වී තිබේ.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ සෘජුව පාලනය වන අංශයක් වන ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරින් මෙලෙස මන්ත්‍රීවරයා පරීක්ෂාවට ලක්කර ඇත්තේ ලැබුණු විශේෂ තොරතුරකට අනුවය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *