Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගුරුවරයා දුන් අවවාදයට සිසුන්ගෙන් ගුටි පූජාවක්

2 years ago 2.8 K

පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ පාසැලක සිසුන් පිරිසක් ගුරුවරයෙකුට අමානුෂික ලෙස පහරදී තුවාල සිදුකර තිබෙනවා.

නිසි විනයකින් යුතුව පාසැල වෙත පැමිණෙන ලෙස විනයභාර ගුරුවරයා දුන් අවවාදයට කෝපවූ සිසුන් පිරිසක් මෙලෙස ගුරුවරයාට පහරදී තිබෙනවා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පුත්තලම මුස්ලිම් විද්‍යාලයක සිසුන් සිය විභාග ප්‍රවේශපත්‍රය ලබා ගැනීම සඳහා ඊයේ පසුගිය 23 වනදා පාසැල වෙත පැමිණ තිබුණා.

නමුත්, සිසුන් කිහිප දෙනෙකු පැමිණ තිබුණේ පාසැලට නොගැලපෙන ලෙස කොණ්ඩය සහ රැවුල වවාගෙනයි.

විභාග ප්‍රවේශපත්‍ර ගැනීමට අවශ්‍ය නම් විනයානුකූලව පාසලට පැමිණෙන ලෙස පාසැලේ විනය භාර ගුරුවරයා එහිදී සිසුන්ට අවවාද කර තිබෙනවා

පසුව පාසැලෙන් පිටත්ව ගිය සිසුන් යළි කොණ්ඩය සහ රැවුල කපාගෙන පාසලට පැමිණ සිය විභාග ප්‍රවේශ පත්‍රය ලබාගෙන තිබුණා.

නමුත් ගුරුවරයාගේ අවවාදයෙන් කෝපවී සිටි සිසුන් පිරිස පාසල අවසන් වීමෙන් පසු විනයභාර ගුරුවරයාගේ නිවස ඉදිරිපිටට පැමිණ කලහකාරී ලෙස හැසීරීමට පටන් ගෙන තිබෙනවා

පුත්තලම පොලීසිය පවසන්නේ, සිසුන් 25ක් පමණ නිවස ඉදිරිපිට රැස්වී හූ කියමින් නිවස දෙසට ගල් ප්‍රහාර පවා එල්ල කර ඇති බවයි.

එහිදී මෙම සිසුන් තම පෙළපොත් පවා ඉරාදමා තිබෙනවා.

එම අවස්ථාවේ නිවසින් පිටතට පැමිණි ගුරුවරයාව සිසුන් කිහිපදෙනකු විසින් අල්ලාගනිද්දී තවත් පිරිසක් ඔහුට දරුණු ලෙස පහරදී තිබුණා.

පුත්තලම පොලීසිය පැවසුවේ, එක් සිසුවෙක් ගුරුවරයාගේ මුහුණට එල්ල කළ ගල් පහරකින් ගුරුවරයාගේ තොල් දෙක පුපුරා ගොස් ඇති බවයි.

පසුව ප්‍රදේශවාසීන් එක්වී සිසුන්ව එම ස්ථානයෙන් පළවා හැරීමට කටයුතු කළ ඇති අතර එහිදීත් සිසුන් ගුරුවරයාට පහරදීමට උත්සාහ කර තිබෙනවා

පහරකෑමෙන් තුවාල ලැබූ 28 හැවිරිදි ගුරුවරයා මේ වනවිට පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *