ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඉදිරි මාස කිහිපයේ ඩෙංගු රෝග ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසනවා.
ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඉතා විශාල වශයෙන් ඩෙංගු රෝග ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙන බවයි ඔවුන් පවසන්නේ.
2023 වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 36,911 ක් මෙරටින් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
මේ මාසය තුළ ඩෙංගු රෝගීන් 7203 ක් වාර්තා වී ඇති බව එහි ප්‍රජා වෛද්‍ය ඉන්දික විරසිංහ මහතා සඳහන් කළා.
එමෙන්ම සමස්ත රෝගීන්ගෙන් 25% ප්‍රතිශතයක් පාසල් යන වයසේ දරුවන් වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.