Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලොරි රථයක දොර ගැලවී පපුවේ වැදී 15 හැවිරිදි දරුවා මරුට

2 weeks ago 1.7 K

තම බාල සහෝදරයා සමග පාපැදි පදිමින් සිටි 13 හැවිරිදි පාසල් සිසුවෙකු අවාසනාවන්ත අනතුරකට ලක්වීමෙන් මියගොස් තිබේ.

මාර්ගයේ ධාවනය වෙමින් තිබූ රථයට ඉදිරිපස දොර ගැලවී දරුවාගේ පපු ප්‍රදේශයේ වැදීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

අනතුරෙන් මියගොස් ඇත්තේ වාද්දුව හබරලගහලන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 13 හැවිරිදි ගගන කාවින්ද නම් පාසල් සිසුවෙකි.

වාද්දුව දෙස සිට හබරලගහලන්ද දෙසට ගමන් ගත් පාන් ලොරියක ඉදිරිපස දොර එකවරම ගැලවී පාපැදි පදිමින් සිටි මෙම දරුවාගේ ශරීරයේ වැදී ඇත.

අනතුරෙන් පසු රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි එම දරුවා ඊයේ (25) දහවල් මියගොස් ඇති බව අප වාර්තාකරු පැවසීය.

ලොරි රථය පැදවූ රියදුරාව වාද්දූව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අද දින පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

සිද්ධිය සම්බන්ධයෙන් වාද්දූව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *