Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දෝනිගේ මතය සමඟින් වාස් එක් වෙයි! මතීෂ සම්බන්ධයෙන් මාලිංගගේ තීරණය හොඳ නෑ කියයි!

6 months ago 2.2 K

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක මතීෂ පතිරණ ඉදිරියේදී ටෙස්ට් තරග වලට වඩා විස්සයි විස්ස, එක් දින තරඟ සදහා ප්‍රමුඛත්වය ලබාදීම සුදුසු බවත් එය දිගු කාලිනී ක්‍රීඩාව සඳහා වැදගත් බව තම පෞද්ගලික මතය බව ඉන්දීය හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි සඳහන් කරයි.

එහෙත් මහේන්ද්‍ර සිං දෝනි විසින් කරන ලද ප්‍රකාශය ශ්‍රී ලංකා හිටපු වේග පන්දු ක්‍රීඩක ලසිත් මාලිංග ප්‍රතික්ෂේප කර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ක‍්‍රිකට් ක්‍රීඩාවේ ශිල්පීය ක්‍රම සහ ශක්තිය වඩාත් දියුණු වන බැවින් ටෙස්ට් තරග සදහාද මතීෂ යොදා ගත යුතු බව සදහන් කර ඇත.

කෙසේ වෙතත් ඉන්දීය ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි විසින් සිදු කර ඇති ප්‍රකාශය තමන් අනුමත කරන බවත් මතීෂ පතිරණ වැනි දක්ෂ ක්‍රීඩකයන් වැඩි කාලයක් ක‍්‍රීඩා කිරීමට නම් ටෙස්ට් තරගවලින් ඉවත් කර තැබීම සුදුසු බවද ශ්‍රී ලංකා හිටපු සුපිරි වේගපන්දු ක්‍රීඩක චමින්ද වාස් සඳහන් කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *