Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඩෙංගු මර්දනයට අදාළව සියලුම රජයේ සේවකයින්ට විශේෂ චක්‍රලේඛයක්!

2 weeks ago 2.1 K

අද (26) සිට සෑම සිකුරාදාවකම ඩෙංගු මර්දනය සඳහා සෑම රාජ්‍ය ආයතනයක්ම පැය 2ක කාලයක් වෙන් කිරීමට පියවර ගත යුතු බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය දැනුම් දෙනවා.

ඒ සඳහා උපදෙස් ආයතන ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති බවයි එහි ලේකම් රංජිත් අශෝක මහතා සඳහන් කළේ.

ඒ සඳහා වන චක්‍රලේඛයක්ද නිකුත් කිරීමට පියවර ගන්නා බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ රෝගීන්ගෙන් 50%කට ආසන්න පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාස 61ක ඩෙංගු අධි අවදානම් තත්ත්වයක් පවතින බව ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *