Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වාහනේ ආදායම් බලපත්‍රය ඔන්ලයින් ගෙදරටම ගෙනවා ගන්න ආකාරය

1 year ago 5.8 K

වාහනේ ආදායම් බලපත්‍රය ලබා ගැනීම කියන්නේ වාහන හිමියන් වෙහෙසට පත් කරන , ඔබගේ වටිනා කාලයෙන් පැය ගණනක් අපතේ යවන බව ඔබ අප කවුරුත් දන්නා කරුණකි.

අපි අද ඔබට කියාදෙන්නේ පහසුවෙන් මාර්ගගත ක්‍රමයට(online) ක්‍රමවේදය ඔස්සේ වාහන ආදායම් බලපත්‍රය නිවසටම ගෙන්වා ගන්නා ආකාරය සම්බන්ධයෙනි.

මේ සඳහා ඔබ ප්‍රථමයෙන්ම පහත ලියකියවිලි හා විස්තර සූදානම් කරගත යුතුය.
වාහනේ දුම් සහතිකය (මාස 6ක් ඇතුලත)
වාහනේ රක්ෂණ සහතිකය
පරණ වාහන බලපත්‍ර අංකය
වාහන අංකය සහ චැසි අංකය

මෙම ඔන්ලයින් සේවාව ලබා ගත හැකි රක්ෂණ සමාගම් ලයිස්තුව පහත පරිදි දැක්වේ.
Amana Takaful PLC
AIA General Insurance Lanka Limited
Ceylinco Insurance PLC
Fairfirst Insurance Limited
HNB General Insurance LTD
Janashakthi General Insurance Limited
Sri Lanka Insurance Corporation
Allianz Insurance Lanka Ltd
Continental Insurance Lanka Limited
MBSL Insurance Company Limited
Peoples Insurance Limited
Orient Insurance Ltd
LOLC Insurance Company Limited
Co-operative Insurance Company Ltd
Sanasa Insurance Company Limited
National Insurance Trust Fund

මෙම ඔන්ලයින් සේවාව ලබා ගත හැකි දුම් පරීක්ෂණ සමාගම් ලයිස්තුව පහතින්.
Clean Co Lanka (Pvt) Ltd
LAUGFS Eco Sri (Pvt) Ltd

එම ලියකියවිලි සූදානම් කර ගැනීමෙන් අනතුරුව ඔබ සිදු කළ යුත්තේ පහත වෙබ් අඩවියට පිවිසීමයි.

වෙබ් අඩවියට පිවිසීමට මෙතන ක්ලික් කරන්න

එම වෙබ් අඩවියට පිවිසීමෙන් අනතුරුව පහත දැක්වෙන පියවරයන් අනුගමනය කළ යුතුය.

පියවර 1 
ඔබ ඉහත සඳහන් සබැඳිය(link) ඔස්සේ ඉහත වෙබ් අඩවියට පිවිසීමෙන් පසු පහත දැක්වෙන ආකාරයේ වෙබ් පිටුවක් දිස් වන අතර ප්‍රථමයෙන් ඔබ එයට ලොග් විය යුතුය.

පියවර 2
ලොග් වීමෙන් අනතුරුව ඔබට පහත දැක්වෙන ආකාරයේ පණිවිඩයක් දිස් වන අතර එහිදී ඔබට ඔබගේ ගූගල් ගිණුමට (gmail account) ලොග් වීමේ අවස්ථාව උදා වේ.

පියවර 3
ඉන් අනතුරුව පහත වෙබ් පිටුවේ දිස්වන Renew Licence යන අවස්ථාව(option) තෝරාගත යුතුය.

පියවර 4 
අනතුරුව පහත සඳහන් ආකාරයට පළාත, වාහන ලියාපදිංචි අංකය, කලින් බලපත්‍රයේ අංකය සහ චැසි අංකය ඇතුලත් කරන්න

ඔබට චැසි අංකය ඔබේ වාහනේ පොතෙන්(පහත රූපයේ රතු පාටින් සලකුණු කර ඇත) ලබා ගත හැකි අතර, කලින් බලපත්‍රයේ අංකයත් පහත රූපයේ රතු පාටින් පෙන්වන තැනින් සොයා ගත හැක.

පියවර 5
ඔබ ඉහත සඳහන් විස්තර නිවැරදිව ඇතුළත් කළ පසු පහතින් දැක්වෙන වෙබ් පිටුවට පිවිසිය හැක.

එම වෙබ් පිටුවේදී  ඔබට අදාල රක්ෂණ සමාගම සහ දුම් පරීක්ෂණ සමාගම නිවැරදිව තෝරගත යුතුයි.

පියවර 6
ඉන්පසු ඔබ සිදු කළ යුත්තේ මුදල් ගෙවීමයි. ඒ සඳහා ඔබට වීසා(visa) සහ මාස්ටර් කාඩ් (master card) යන ආකාර දෙකෙන් ඔබ කැමති ආකාරයක් තෝරාගත හැක.

පියවර 7 
ඔබ ගෙවීම් සිදු කළ පසු ඔබගේ ඊ මේල්(gmail) සහ දුරකතන අංකය ඇතුලත් කිරීම සිදු කළ යුතු අතර ඔබට තැපෑලෙන් ආදායම් බලපත්‍රය ලැබෙන තෙක් ඊමේල් හරහා ලැබෙන ලිපිය තාවකාලික බලපත්‍රයක් ලෙස කිසිඳු ගැටලුවකින් තොරව භාවිතා කළ හැක.

එමෙන්ම මෙම තාවකාලික බලපත්‍රයේ වලංගුතාවය බලාගැනීමට පහත ආකාරයේ කෙටි පණිවුඩයක් යැවීම මගින් පරීක්ෂා කර බැලිය හැක.

පොලීසියෙන් ඔබගේ වාහනය නවැතුවහොත් වලංගුතාවය ඔප්පු කිරීමට ඔබට ලැබෙන ඊමේල් පණිවිඩය හෝ මෙම කෙටි පණිවිඩය යැවීමෙන් පසු ලැබෙන පිළිතුරු පණිවිඩය භාවිතා කළ හැක.

ඔබේ මිතුරන්ටත් මේ ලිපිය වැදගත් වෙයි කියලා හිතෙනවා නම් යාලුවන් අතරේ ශෙයා කරන්නත් අමතක කරන්න එපා

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *