Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සති දෙකක් පුරා සියලුම මත්පැන් අලෙවිසැල් වසා තැබෙන ප්‍රදේශයක් ගැන නිවේදනයක්

28

කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි සියලුම සුරාබදු බලපත්‍ර ලත් සුරාසැල් දින 16ක් කාලයක් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ ඇසළ උත්සවය වෙනුවෙන් මෙලෙස එම ප්‍රදේශයේ සුරාසැල් වසා තැබීමට තීරණය කර ඇත.

ඒ අනුව ජුනි මස 19 වනදා සිට ජුලි මස 04 වනදා දක්වා මෙලෙස සුරාසැල් වසා තැබෙනු ඇති.

මෙම කාලසීමාව තුළදී ඇසළ උත්සව කාලසීමාව තුළදී එම උත්සව භූමිය මතින් තොර භූමියක් බවට පත්කිරීමට අවශ්‍ය සියලු පියවර ගැනීමට ඌව පළාත් සුරාබදු නිලධාරීන් වෙත උපදෙස් දී තිබේ.

එසේම පිටත සිට ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ උත්සවය වෙත පැමිණෙන බැතිමතුන්ට පිටතින් මත්පැන් සහ මත්ද්‍රව්‍ය රැගෙන ඒම ද සම්පූර්ණයෙන් තහනම් කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *