ලෝක වෙළෙඳපොළේ සිමෙන්ති, යකඩ සහ ඇලුමිනියම් ඇතුළු භාණ්ඩ රැසක මිල පහත බැස ඇති බවත්, ඒ සමග ඩොලරය අවප්‍රමාණය වීමේ වාසිය මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය බලගැන්වීම සඳහා යොදා ගත යුතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
රුපියලේ අගය 20%කින් පමණ අධිප්‍රමාණය වී ඇති පසුබිම තුළ ගොඩනැගිලි ද්‍රව්‍ය මිල පහළ ගොස් ඇති ආකාරය සොයා බැලීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (30) මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යංශයේදී ද පැවැත්වුණා.
මෙහිදී විශේෂයෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රය යළි බලගැන්වීම සඳහා වන යෝජනා රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර විවෘත ආර්ථිකය යටතේ මිල අඩුවීම ඉබේ සිදු වීමට ඉඩ නොතබා අවශ්‍ය මැදිහත්වීම් සිදු කළ යුතු බව සාකච්ඡා කර තිබෙනවා.
ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉදිරි කාලය තුළ ගොඩනැගිලි ද්‍රව්‍ය මිල පහත යන ආකාරය නිරීක්ෂය කරමින් මසකින් රැස්වී අදාළ මිල ගණන් පහත දමන ප්‍රතිශතය නිශ්චිත දැනුම් දීමට කටයුතු කරන බවයි.