දිනෙන් දින ඉහළ යන විවිධාකාරයේ සොරා ගැනීම් අතර ජංගම දුරකථන සොරා ගැනීමද අද වන විට පෙර නොවූ විරූ පරිද්දෙන් ඉහළ ගොස් තිබෙනවා.
නමුත් වර්තමානයේදී තාක්ෂණයේ දියුණුවත් සමඟ ඔබගේ සොරා ගත්තද ඔවුනව පහසුවෙන් හදුනාගත හැකි ආකාරයේ යෙදවුම් (app) හඳුන්වා දී තිබෙනවා.
අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එවැනි සුවිශේෂි වූ දුරකථන යෙදවුමක් සම්බන්ධයෙනි.
Lockwatch – Thief Catcher
දැන් මේ Lockwatch – Thief Catcher ඇප් එක අපේ ෆෝන් එක හොරකම් කරලා ස්ක්‍රීන් අන්ලොක් කරන්න යන කෙනෙක්ව වුණත්, නැතිනම් අපි එහෙ මෙහෙ වෙනකල් ඉඳලා අපේ ෆෝන් එකට රිංගලා ඒකේ තියෙන දේවල් මොනවද කියලා බලන්න හදන කෙනෙක්ව වුණත් සොයාගන්න කදිම යෙදවුමකි.
මේ ඇප් එක ඉන්ස්ටෝල් කරලා, අදාළ සෙටින්ග්ස් හදලා තිබ්බහම, කවුරුහරි ෆෝන් එකේ ලොක්ස්ක්‍රීන් එකට වැරදි කෝඩ් එකක් දීලා ඇතුළු වෙන්න හැදුවොත්, ස්වයංක්‍රීයවම සෙල්ෆි කැම් එක ඔන් වෙලා ඒ කෙනාගේ ෆොටෝ එකක් ගන්නවා.
ඊට පස්සේ ඒ ෆොටෝ එකයි, මේක සිද්ධ වෙච්ච තැන GPS කෝඩ් එකයි(අපගේ දුරකථනය භාවිතා කිරීමට උත්සහ කළ ස්ථානයේ ලෝකේෂන් එකයි) අපි දීලා තියෙන ඊමේල් එකට ලැබෙනවා.
ඉතිම් මෙවැනි යෙදවුමක් භාවිතා කරනවා නම් ඕනෑම අයෙකුට තමන්ගේ නැති වූ තම දුරකථනය සොයා ගැනීමට මෙමගින් මහගු පිටුවහලක් ලැබෙනු ඇත.