විදේශ රැකියා අපේක්ෂකයින්ට පොලිස් වාර්තා නිකුත් කිරීමේදි ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනයකිරීමට රජය තීරණය කර තිබෙනවා.
විදේශ රැකියා සදහා පිටත්ව යාමෙට පෙර ලබාගන්නා පොලිස් වාර්තාවට සුළු වැරදි ඇතුළත් කිරීම නිසා විදේශ රැකියා අවස්ථා ලබාගැනීමට නොහැකිවී ඇති නිසා මේ සම්බන්ධයෙන් ලිහිල් පිළිවෙතක් අනුගමනය කරන ලෙසට විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලීම් ඉදිරිපත්වී තිබෙන අතර එම ඉල්ලීම් සලකා බලා මෙම තීරණය ගෙන තිබෙනවා.
ඒ අනුව දණ්ඩ නීති සංග‍්‍රහයේ 378 වගන්තිය යටතේ ඇති වංක පරිහරණය, දණ්ඩ නීති සංග‍්‍රහයේ 389 වැනි වගන්තියේ සිට 392 වැනි වගන්තිය දක්වා ඇති සාපරාධී විශ්වාසය කඩ කිරීම, දණ්ඩ නීති සංග‍්‍රහයේ 400 වැනි වගන්තියේ සිට 403 වැනි වගන්තිය දක්වා ඇති වංචා කිරීම, විශ වර්ග, අබිං සහ අන්තරායක ඖෂධ ආඥා පනත යටතේ මහේස‍්‍ත්‍රාත් අධිකරණය ඉදිරියේ පවරා තිබෙන නඩු මෙසේ පොලිස් වාර්තාවට ඇතුළත් නොකිරීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.
මීට අමතරව කිසියම් පුද්ගලයෙක් නීතිමය කටයුත්තකින් නිදොස් කොට නිදහස් කර ඇති අවස්ථාවකදී හෝ යම් නීති කටයුත්තකින් නිදහස් කර ඇති අවස්ථාවකදී එයද පොලිස් නිෂ්කාශන වාර්තාවට ඇතුළත් කිරීමද අවශ්‍ය නොවන බවට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.