Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කසිප්පු ජාවාරමාගේ බිරිය පොලිස් ලොක්කාගේ අත කාලා

4 months ago 1.2 K

වරකාපොල ,දොලපාඩුව ප්‍රදේශයේදී කසිප්පු ජාවාරම්කරුවකු බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් අවස්ථාවේ සැකකරුගේ බිරිඳ එම ස්ථානයට කඩා පැන වැටලීම සිදුකළ කෑගල්ල කොට්ඨාස දූෂණ මර්දන ස්ථානාධිපතිවරයාගේ අත සපා කා තුවාල සිදුකර පලාගොස් ඇතැයි වරකාපොල වරකාපොළ පොලීසිය පවසයි.

තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයා කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි .

පොලිස් පරීක්ෂකවරයාගේ අත සපා කා පලාගිය සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීමට වරකාපොල පොලිසිය සහ කෑගල්ල කොට්ඨාස දූෂණ මර්දන විමර්ශන අංශයේ නිලධාරීන් ඒකාබද්ධව පරීක්ෂණ පවත්වාගෙන යයි .

කසිප්පු බෝතල් තොගය සමග ඒවා ප්‍රවාහනය කිරීමට යොදාගත් ත්‍රීරෝද රථය සමග ජාවාරම් කරු බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර කාන්තාව උප පොලිස් පරීක්ෂකවරයාගේ අත සපා කා ඇත්තේ ඇයගේ සැමියා මුදා ගැනීමේ අරමුණෙන් විය හැකි බව පොලීසිය පවසයි. (ලංකාදීප)

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *