සමඟි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධුරයට අද (07) පත් කරනු ලැබුවා.
මන්ත්‍රීවරයා එම තනතුරට පත් කරන ලෙස එම කමිටුවට යෝජනා කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.
මෙම යෝජනාවට කාරක සභාවට සහභාගී වූ සියළු මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය හිමිව තිබෙනවා.
9 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපාති ධුරය මාස 5කට වැඩි කාලයක් පුරා පුරප්පාඩු වී තිබුණා.
මේ දක්වා එම කමිටුවේ වැඩ කටයුතු මෙහෙයවනු ලැබුවේ කමිටුව තෝරා පත් කරගත් තාවකාලිකව සභාපතිවරුන් විසිනි.