Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

14 හැවිරිදි සිසුවා ඉස්කෝලෙන් ඉස්සූ රූපවාහිනිය ගෙදර බිත්තියේ හයි කරගෙන සිටියදී මාට්ටු වෙයි

4 months ago 2.3 K

පිළියන්දල හොන්නන්තර ධර්මසේන ආටිගල කනිෂ්ඨ විද්‍යාලයේ විද්‍යාගාරයේ සවිකර තිබූ අඟල් 32 ප්‍රමාණය රූපවාහිනී යන්ත්‍රය සොරාගත් 14 හැවිරිදි සිසුවෙකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය සදහන් කරයි.

සොරාගත් රූපවාහිනී යන්ත්‍රය නිවස තුළ බිත්තිය මත සවිකර දුන් සැකකාර සිසුවාගේ පියා වන හිටපු කොස්තාපල්වරයා ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන කරන බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සැකකාර සිසුවා විද්‍යාගාරයේ ජනේලයක් අසල පිහිටා තිබෙන වායු කවුළුවකින් ඇතුළට ලීයක් දමා ජනෙල් පියන්වල අගුල් විවෘත කර අනතුරුව දැල් ආවරණය ද රැගෙන ආ පිහියකින් මහත් පරිශ්‍රමයක් දරා ගලවා විද්‍යාගාරයේ තුළට ඇතුළු වී මෙම සොරකම සිදුකර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකාර සිසුවා අනතුරුව අඩි හයක් පමණ උසකින් බිත්තියේ සවි කර තිබූ අඟල් 32 ක ප්‍රමාණයේ රූපවාහිනී යන්ත්‍රය සොරාගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.

මෙම සොරකම සම්බන්ධයෙන් විදුහල්පතිනියගෙන් ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී ලද තොරතුරක් සහ සැකකාර සිසුවා සම්බන්ධයෙන් පසුවිපරම් සිදු කිරීමේදී ඔහු සොරකම් කීපයකට සම්බන්ධව සිටින අයකු බවට අනාවරණය වීමෙන් අනතුරුව නිවසට ගොස් සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සොරකම සම්බන්ධයෙන් සියලු තොරතුරු අනාවරණය කල බව පොලිසිය කීය.

අත්අඩංගුවට ගත් සිසුවා එම විද්‍යාලයට මීටර් සීයක් පමණ දුරින් පදිංචිකරුවකු බවත් ඔහු කැස්බෑව ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබන බවත් පොලිසිය පැවසීය.
බිමල් ශ්‍යාමන් ජයසිංහ

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *