ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී ආයතනයේ තැම්පත්කරුවන්ට මුදල් ගෙවීම අනිද්දා (9) සිට ජූලි මස 12 වැනි දින දක්වා සිදුකරන බව ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරනවා.
ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී ආයතනයේ තැම්පත්කරුවෙකුට ශ්‍රී ලංකා තැම්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ උපරිම වශයෙන් ලක්ෂ 11ක් බැගින් වන්දි මුදලක් හිමිවන වනවා.
ශ්‍රී ලංකා මහබැංකුව සුදුසුකම් ලාභී තැම්පත්කරුවන්ට මහජන බැංකුවේ ඕනෑම ශාඛාවකින් වන්දි මුදල් ලබාගත හැකි බවද ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරනවා.
තැම්පත්කරුවන්ට ස්වර්ණමහල් ආයතනයද විටින් විට ඔවුන්ගේ තැම්පත් මුදලින් කොටසක් ගෙවා තිබෙනවා.