Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අරගලයේ ප්‍රතිඵල මන්ත්‍රීන්ට ලැබෙයි! පාර්ලිමේන්තු මන්ත්‍රීන් 44කට ලක්ෂ 14,140ක් වන්දි ලෙස ගෙවයි!

2 months ago 1.2 K

අරගල සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දේපළ විනාශයන් වෙනුවෙන් රජයෙන් ගෙවීමට නියමිත වන්දි මුදල රුපියල් මිලියන 1414 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවට වාර්තා වනවා.

2022 මාර්තු 31 දින සිට ජුලි 22 දක්වා අරගලය ක්‍රියාත්මක වූ කාලසීමාවේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් එවක ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකගේ නිවාස ඇතුළු දේපළ ගිනි තබා විනාශ කෙරුණා.

එලෙස දේපළ හානි වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වන්දි ගෙවීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති පාර්ලිමේන්තු කටයුතු අංශය පියවර ගනු ලැබු අතර ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 31 දෙනෙකුට මේ වනවිට හානි පූර්ණ වන්දි ලෙස ලබාදී ඇති මුදල රුපියල් මිලියන 714 ක්.

එමෙන්ම තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 දෙනෙකුටත් හානි පූර්ණ වන්දි මුදල් ගෙවීම සඳහා තීරණය කර තිබෙන අතර එම මන්ත්‍රීවරුන් 13 දෙනා වෙනුවෙන් තක්සේරු කර ඇති මුදල රුපියල් මිලියන 700 ක් බවට තොරතුරු වාර්තා වනවා.

මෙම අතිරේක ප්‍රතිපාදන ලබාගැනීමේ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතියද හිමිවි තිබෙනවා.

පාර්ලිමේන්තු කටයුතු අංශය අවධාරණය කරන්නේ මෙලෙස හානි පූර්ණ වන්දි මුදල් ප්‍රදානය කිරීම සඳහා තවත් රුපියල් මිලියන 200 ක පමණ මුදලක් අවශ්‍ය වනු ඇති බවයි.

මේ අතර අරගල කාලසීමාවේදී දේපළ විනාශ වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන ප්‍රාදේශීය දේශපාලනඥයින් සහ සිවිල් පුරවැසියන් 73 දෙනකු සඳහාද හානිපූර්ණ වන්දි ලෙස රජය රුපියල් මිලියන 519ක් ප්‍රතිශත වශයෙන් ලබාදී තිබුණා.

එම පුද්ගලයින්ට වන්දි මුදල් ප්‍රදානය කිරීම සිදුකරනු ලබන්නේ, ‘හානි පූර්ණය සඳහා වන කාර්යාලය’ මගින් වන අතර ඔවුන්ට නියමිත ඉතිරි වන්දි මුදල් ඉදිරියේදී ගෙවීමට කටයුතු කරන බවටද වාර්තා වනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *