වයස අවුරුදු 3ට අඩු දරුවන් සදහා දැනට ත්‍රිපෝෂ ලබා දීමක් සිදු නොකරන බැවින් බොහෝ දෙමව්පියන් වෙළඳපොලේ ඇති විවිධ ත්‍රිපෝෂ වර්ග හා ළදරු ආහාර වර්ග නිසි අධීක්ෂණයකින් තොරව කුඩා දරුවන්ට ලබාදෙනු ලැබේ.
එම ඇසුරුම්වල සදහන් උපදෙස් නිසි පරිදි අවබෝධ කර නොගෙන කටයුතු කිරීම නිසා කුඩා දරුවන් නොදැනුවත්වම පිළිකා රෝග වල ගොදුරක් බවට පත් විය හැකි බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසයි.
ශ්‍රී ලංකාවට ගෙන්වන බඩ ඉරිඟු තුළ අඩංගු වන ඇෆ්ලටොක්සීන් දිලීර පිළිකා ජනක ප්‍රමාණය ඉතා ඉහළ අගයක පවතින බැවින් දැනට ත්‍රිපෝෂ නිශ්පාදනයේදී වයස අවුරුදු 3ට අඩු දරුවන් සඳහා පමණක් අදාළව පරිසාධන මට්ටම් පවත්වා ගෙන යාමට මෙරටට පෝෂණ නිෂ්පාදන සමාගම් කටයුතු කරයි.
වයස අවුරුදු 3ට අඩු දරුවන් සඳහා එම අගය බිලියනයකට කොටස් එකකට වඩා අඩු විය යුතු වුවත් ලංකාවට දැනට ගෙන්වන බඩ ඉරිගු සහ අනෙක් ධාන්‍ය වර්ග වල ඊට වඩා ඉහල ප්‍රතිශතයකින් ඇෆ්ලටොක්සීන් පැවතීම නිසා මෙරට වයස අවුරුදු 3ට අඩු දරුවන් සදහා ත්‍රිපෝෂ නිෂ්පාදන යාන්ත්‍රණය දැනට අඩාළ වී ඇත බව ඔහු ප්‍රකාශ කළේය.
දැනට පෞද්ගලික අංශය විවිධ ත්‍රිපෝෂ වර්ග සහ ළදරු ආහාර, පිටිකිරි වර්ග, බිස්කට් වර්ග වෙළඳපොලේ අලෙවි කිරීමේදී එම ඇසුරුම්වල ඇෆ්ලටොක්සීන් මට්ටම සඳහන් කිරීමක් හෝ වයස අවුරුදු 3ට අඩු දරුවන් සඳහා එම ළදරු ආහාර වර්ග ලබා දීම යෝග්‍ය නොවන බවට වන පණිවිඩය ඉතා පැහැදිලිව දැකගත නොහැකි වන අන්දමට ඇසුරුම්වල සඳහන් කර ඇති අන්දම ඔහු සඳහන් කළේය.