Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කෘතිම බිත්තර ගැන ජනතාවට දැනුම් දීමක්

2 months ago 5 K

ව්‍යාජ කෘතිම බිත්තර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පුවත සාවද්‍ය එකක් බව පාරිභෝගික සේවා අධිකාරිය අවධාරණය කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ ව්‍යාජ කෘතිම බිත්තර ශ්‍රී ලංකාව තුළ විකිණීමට හෝ බෙදාහැරීමට මෙන්ම ආහාර සඳහා යොදා ගැනීමට හැකියාවක් නොමැති බවයි.

එවැනි කෘතිම බිත්තර වෙළඳපොළ තුළ පවතින්නේ ද යන්න පිළිබඳ පාරිභෝගික අධිකාරිය සොයා බැලීමක් ද සිදුකර තිබෙනවා.

එහිදී හෙළිවී ඇත්තේ එවැනි බිත්තර වෙළඳපොල තුළ නොමැති අතර එවැනි කෘතිම බිත්තර පිළිබඳ කිසිදු තොරතුරක් හෝ පැමිණිල්ලක් ද ලැබී නොමැති බවයි.

මීට පෙර ද ව්‍යාජ ප්ලාස්ටික් සහල් ඇති බවට පැතිර ගිය ප්‍රචාරය හා සමානව කෘතිම බිත්තර ඇති බවට ගෙන යන මෙවැනි ප්‍රචාරණයන්ට නොරැවටෙන ලෙසටයි එම අධිකාරිය ජනතාවට දැනුම් දෙන්නේ.

එමෙන්ම වෙළඳපල තුළ ඇති බිත්තර පරිභෝජනයට බියක් ඇතිකර නොගන්නා ලෙසට ද මහජනතාවට දැනුම් දෙනවා.

එබැවින් එවැනි තොරතුරක් හෝ පැමිණිල්ලක් ඇත්නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධීකාරියේ කෙටි දුරකථන අංකය වන 1977 වෙත තොරතුරු ලබාදෙන ලෙසටයි මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *